Friday, February 10, 2012

ගිණිගත්තු හිත් යාය 1

හා හයියෙන් ඉදිරියට ඇදෙන වාහනයේ හැමෝටම වැටුණු වැටුණු තැන් වල නින්ද ගිහින් තිබුණා...
මම විතරක් ඈත පේන තරු රටා දිහා බලාගෙන මහා කල්පනවක් හිටියේ
මහා කල්පනාවක් කිවුවට ඒක මහා කල්පනාවක් නෙවෙයී මොකද මට කවදාවත් මහා කල්පනා කරන්න දේවල් තිබුනත් එවා මම මහා පරිමානයෙන් කල්පනා කරන කෙනෙක් නෙවෙයීනෙ
මගේ ජිවිතේ සැහැල්ලුයී හරියට කුරුල්ලෙක්ගේ වගේ ඌට බර තියෙන්නේ උගේ පියාපත් දෙක විතරයී කියලයී මට හිතෙන්නේ,
මටත් එහෙම්මයී.
මටත් මගේ අත් තටු ඇරුණම බරයී කියන්න දෙයක් මේ ලොකේ නැ.
ඈත අහසේ තරු රෑනක් මගේ දිහා බලන් ඉන්නවා දැක්කම මට හිතුනා උනුත් එක්ක පුන්චි කතාවක් කරන්න.මම හුගාක් දුර ඉදන් මගේ හිතෙන් මම තරුවලට කතා කලා,
එවා උන්ට ඇහුනද කියන්න මම දන්නේ නැ,...
ඒත් උන් මගෙන් මොනවදෝ අහනවා කියලා නම් මට දැනුනා
 අම්මට සිරි මුන් මේ මගේන් අහන්නේ වෙනදට මාත් එක්ක තරු ගනින්න ආව කෙන ගැන නේද?
දැන් ඉතින් මවන්න වෙයී එයා ගැන මුන්ට කියන්න
මුන්ටත් ඕනේ නැති රෙද්දක් නැ
නැ එත් පව් උන් හිතවද දන්නේ නැ අද මම තනිවෙලා කියලා
කවුද දන්නේ මාත් එක්ක තරු ගනිපු සඳුන් අද එයාගේ wife එක්ක එහේ ඉදන් තරු ගනිනවද කියලා
ඉස්සර මට රෑ 8 විතර වෙද්දී ගේ ඉස්සරහ අඹ ගහ යට තියෙන සිමෙන්ති බංකුවේ හතර ගාතේ මම කලේ තරු ගනිපු එකයී
මගෙ තනියට තරු ගනින්න හිටියේ සඳුන් එයාට එතකොට වෙලාව පාන්දර 1 විතර ඇතී. දුර රටක හිටියත් තරු ගනින්න සඳුන් මගේ ළග හිටියා,...
මම සිමෙන්ති බංකුවෙ ඉදන් තරු ගනිනකොට සඳුන් කලේ පාලු පාරක තනියම එයාගේ කාර් එකේ රවුමක් ගිහින් පාළු තැනක නවත්ත ගත්ත වාහනේන් බැහැලා එයාගේ කාර් එකේ බොනට් එක උඩට වෙලා එයත් තරු ගැන්නා
කවදවත් එයාටවත් මටවත් පුලුවන් උනේ නැ තරු ගණන් කරල ඉවර කරන්න
හැමදාම අපි දෙන්නා ගණන් වරද්ද ගත්තා
සඳුන් ගණන් කරපු තරු මට SMS කරන කොට මම ගණන් කරපු තරු ත් එක්ක මම තවත් තවත් එවා කියලා මම SMS කරනවා
නිදහසේ තරු ගණන් කරන්න කවදාවත් අපිට බැරි උනේ ඒ නිසා වෙන්න ඇති හොදට ඉන්න කොල්ලව මම විකරා දොඩවලා පිස්සේක් කරනවා
කාලයත් එක්කම සඳුන් සහ මම දෙන්නෙක් උනු හැටි සඳුන් කෙල්ලෙක්ට ලව් කරනවා නොකියාම කෙල්ලගේ ෆොටොස් බුකිය හරහා මට පෙන්නුව හැටී............


 ඔන්ලිනේ සීන් නිසා කවදාවත්ම ගොඩ යැමක් මට නැති උනේ ඕක තමයී
මම තරු ලොකේන් එළියට එද්දි හතරව්ටින් හිමිට ඉර පායගෙන ඇවිත් විතරක් නෙවෙයී මගේ ගමනාන්තයටත් මම ළංවෙලා හිටියේ.
මම හිමිට වාහනේන් බැහැ ගත්තා......


මේ වෙලාවට තමයීලු ගැණු දරුවෝ මල් වගේ පාර දිගේ පිපීන්නේ
මගේ හීන ලොකෙන් මිදිලා මම පාර දිගේ ඇවිදන් ගියේ ජිවිතේ ලස්සන හොයාගෙන් ගෙදරින් එළියට බැහැපු ගැම්මෙන්මයී

මොනවා උනත් මම දැනන් හිටියා මේ ගමන කොතනකදි හරි මම අම්බානක ඇනගන්නවා කියලා.

පාන්දරට පුදුම තරම් ලස්සනයී ජිවිතේ අම්මපා මහ ගිණි ගහන දවල්ට ඇයී මෙහෙම සුන්දර නැත්තේ මගේ ජිවිතේ.........????

උරහිස් දෙකට පටළලා පිට මැද්දට දාගෙන හිටපු බෑග් එකයී ඔලුවට දා ගත්ත තොප්පියයී කකුල් දෙකේ ආදරෙන් රැඳිලා ඉන්න බාට කටු දෙකයී දවස් 10ක් විතර හොදන්නේ නැතිව අදින ඩෙනිමයී සුපුරුදු ටිෂර්ට් එකයී තිබුනාම මගේ ජීවිතේම ගලපගන්න පුලුවන් මහ පාරේ උනත් උනත් කොනක ඉදලා
.

ඩෙනිම් සාක්කු දෙකට අත් දෙක දාගෙන හිමිට මම පාර අයිනේ තිබුනු පොල් අතු කඩේට එබුනේ උදෙන්ම ප්ලේන් ටි පාරක් දාගෙන වැඩේට බහින්න හිතලා.


පැණි බේරෙන කිරි කැල්ලක් පිළිකන්නේ දොර ලඟ ඉදන් මගේ ඉහ මොල රත් කරවන බැල්මක් හෙළුවා

අම්මපා මට මැරෙන්න හිතුනා එකීගේ බැල්මට
"මොනවද ඕනේ? "
කෑල්ල මගේන් අහනවා
මම මෙලොකේ දෙයක වැටහීමක් නැතුව එකී දිහා බලන් ඉන්නවා
හිනාව කටින් එකයී
සුපිරිවිකි කැලේ බන් මෙකිගේ දත් සෙට් එකට
පට්ට මහත කොන්ඩෙයක් ගොතලා පිට මැද්දෙන් බේරෙන්න දාගෙන දණහිස ලඟට විතර දිග මල් මල් චීත්ත ගවුමක් ඇදලා..
අපි ඇන්දොත් තමයි මේව කැත
එකී නම් වාත්තු කලා වගේ කළුත් නැති සුදු  ත් නැති ගින්දර කැල්ලක් 

ඇග නම් සිරා ගාන 
පට්ට සෙක්සි ලුක් එකක් දෙනවා මේකී මෙහෙම ඇන්දහමත්
ඩෙනිමක් අන්දලා ගත්තා නම් ලොවෙත් නෑ
මුන් වගේ උන් ගම් වල ඉන්නකම් අපිට ගමෙන් වත් ගොඩ යැමක් නැ

"මොනවද දන්නැ ඕනේ ?"

"දන්නෙ නැ කියන්න, මම පොඩ්ඩක් බලලා කියන්නද?"
මම උදේ පාන්දර එකිට පොඩි කැටයම් පාරක් දැම්මා

හිනා වෙද්දි මුණේ වල ත් ගැහෙනවා

කරුමෙට මම කෙල්ලෙක් උනේ
කොල්ලෙක් උනා නම් මේකිව උස්සනවා සහතිකයී


එකිගේ කොන්ඩ ගහේ ඉදලා නිය පොත්ත වෙනකම් ඇස් දෙකෙ ගිල ගත්තු මම හිමිට උත්තර දුන්නා
තවත් බලන් හිටියොත් ආපු වේගෙටත් වඩා වේගෙන් ගෙදර දුවන්න වෙයී කියලා බයට

"උදෙන්ම ඇගේ පතේ හිරි යන්නත් එක්ක අපි ප්ලේන්ටියක් බොමුද හකුරු කෑල්ලක් කාලා"


"මම නම් බීල ඉන්නේ මම නෝනට එකක් හදලා දෙන්නම්"

අම්මා ගහනවා දොර පොල්ලෙන් කිවලු අහිංසක පාට තිබ්බට මුන් අහිංසකම නැ 

6 comments:

  1. අම්මා හගයි බැට් එකෙන් කිවාලු..... ආලෝකා.... කියන්නේ කෙල්ලෙක්ගේ නමක් උනාට මට නම් මට කියවනකොට නම් ආවේ කොලු ලුක් එකක් තියන පට්ට කොලු චරිතයක්,,

    කෙල්ලෙක් නම් ඇත්තටම වාව් නියමයි...

    සෝ සැඩ් ඉතින් වෙලා තියන දේට නම්.... ඇත්ත නම්,, සෝ කලින් ඉදන් බ්ලොග් ලියන කෙනෙක් වගේ දැනුනා...

    කතාවේ ආතල් එකට ඔන්න මම ෆලෝත් කරා

    ReplyDelete
  2. ආ හරේ.. මතේ ආවෝ....

    ReplyDelete
  3. මේක දැක්කට අදයි කියවන්න වෙලාවක් ලැබුනේ... ඇරඹුම හොදයි වගේ බලමු අනිත් ටිකත් කියවලම...

    ReplyDelete

දැනෙන ඕනේම දෙයක් කියලා පලයල්ලා