Sunday, February 12, 2012

ගිණිගත්තු හිත් යාය 3

අපි දෙන්නත් එක්කම නියරක් දිගෙන් ඇවිදන් ගියේ පුංචි ගල් තලාවකට
නිදහසේ ජිවිතේ හොයන් යන්න නම් පට්ටම ප්ලේස් එක මේක...
"මම හැමදාම මෙතනට එනවා"
"ම්ම්"
"උඹ දන්නවද මෙතන හුගාක් ලස්සන උදේට ඉර නගින්න කලින් එ වගේම හවස ඉර බහින්න ළං වෙද්දී......අර රාස්සිගේ අව්ව සෙට් වෙනකොට...එතකොට මේතන හරි ලස්සනයි බං"
"ම්ම්"
"ඒ උනාට මට හිතෙන්නේ මෙතන නම් අයිඩියෙල් ප්ලේස් එක රැට බෝතලයක් කඩගෙන මේ වගේ ගල බදාගෙන තරු බලන්න"
"අනේ උඹේ රෙද්දේ තරුව"

මූට කවදාවත් මට වගේ ජිවිතේ තරු අතරේ හොයන් යන්න උවමනාවක් තිබුනේම නැ
එක්කෝ මූට ජීවිතේ කොහේ හරි හම්බවෙලා තිබුණා
එක්කෝ මූ ජිවිතේ හෙව්වෙ වෙන කොහේ හරි
ගහක් ගලක් යට පංසලක පල්ලියක එහෙමත් නැත්තම් මූ කළුවරට බයයී

"දැන් අපි හෙට මොකද කරන්නේ"
"පාන්දරින් යමු, හැටන් වලට යන්නත් එපැයී"
"මල්ලි ත් එනවද?"
"නෑ ඌට කරුණාකරන්න බැලු"
මගේ හිත හදාගත්තු පරක්කුවට කැඩිලා ගියා

"ආ හවසට පන්සලට ත් යමු...සරණංකර පොඩි හාමුදුරුවෝ අපිට බෝධි පූජාවක් කරන්නම් කිව්වා"
"ඒක නම් හොදයී"
"ඔය හාමුදුරුවෝ නිසා නේද උඹ පන්සලේ සිල් ගන්න යන්නේ?"
"ඔව් ඔව් මට සමාධිය වඩන්න පුලුවන් උනේ හාමුදුරුවෝ නිසයී, හාමුදුරුවෝ දැක්කමා මාව නිවෙනවා.."
"ඇයි බං අනිත් වෙලාවට උඹව ගිනි අරන්ද ඉන්නේ?"
"බෝත් එක්ක ගියාම නම් ඉතින් මට මේ කපේට සමාධිය නෙවෙයී නිර්වානේට යන්න පාර කෙටි උනත් යා ගන්න නම් වෙන්නේ නැ"
"අනේ සාදු" 
"හරි හරි හෙට දෙයියනේ කියලා සිරිපා කරුණාකරමුකෝ"

අපි දෙන්නා තවත් ටික වෙලාවක් ගල උඩට වෙලා හිටියා.
මූ නම් මෙලෝ රහක් නැ උගේ ගමේ නිසා වෙන්න ඇති පට්ට සංවර,...
කකුල් දෙක ලගට කරගෙන ගවුම අතින් හදාගෙන හුළගට පා වෙන්න නොදී ගැණු පරාණයක් විදිහටම ඉදගෙන හිටියා. මුගේ මේ තරම් හැදිච්ච කමක් මම දැක්කමයී 
නැත්තම් ඩෙනිම් කැල්ලක් ගහගෙන මොකාද එක වගේ එහෙට මෙහෙට පැන පැන පට්ටම නිදහසකින් හිටපු කෙල්ල
අනේ මංද මුන් බලෙන් කූඩු වෙන්න හදනවද කියලා
සමහර විට මට තාම ඔය දේවල් තේරෙන්නේ නැතුව ඇති
තේරුම් ගන්න ඉතින් කවුරුවත් කියන එකක් කණකට ගන්න එකෙක් නෙවෙයීනේ 
අනේ එත් මට මගේ ජීවිතේ සැපයී 
මුන් වගේ චරිතෙන් චරිතෙට හැඩගැහෙන්න හුරු වෙනවට වඩා මගේ චරිතේට කැමති උන්ට හැඩගැහෙන්න කියන එක පට්ටම සැපක් මට 
නැත්තම් සෙල්ලමක්ද මම අහන්නේ අම්මා තාත්තා ලඟ එක විදිහක් .....
යාලුවෝ ලඟ තව විදිහක්......
ගමේ තව විදිහක් .....
කොළඹ තවත් විදිහක්.....
කරන්න බැනේ බං 
මට මගේ ක්‍රමේ හොදයී බං 
හැබැයි ඉතින් මට එහෙම පුරුද්දක් නැති නිසා වෙන්න ඇති පිස්සු ආතල් ඔක්කොම තනියම ගන්නේ....මම ගල උඩ හාන්සී වෙලා හිස් අහස දිහා බලාගෙන හීනයක් එකතු කරන්න සෙට් උනා...ඒ හිනේ හිටියේ මායි උඹයී විතරයී
උඹ ඇත පේන වලාකුළු අතරින් හොරෙන් එබි එබි මං දිහා බලනවා කියලා හිතන්න මම හුගාක් උත්සහා කලා...
ඈතින් ඇදිලා ආපු හුළං රැළි වලට මම මුළු ජිවිතේම පා කරලා යැව්වා
ඒක කොහේ හරි තැනක නවතීවී
කවුරුහරි අල්ලගත්තද දන්නේත් නැ 
මට ආයෙමත් හමු නොවෙයී ද දන්නේ ත් නැ

"හුටා"
"ඇයී මොකද උනේ?"
"අර හුළගත් එක්ක........"
"ඇයී කාවද මතක් උනේ?"
"මතක් උනා නෙවෙයී බං.. "
"එහෙනම්..........???
"යකෝ මම මගේ ජීවිතේ පාකරලා ඇරියා"
"නොදකින් ඇටි කිකිළි මම බය උනු හැටියක් උඹට නම් ටිකක් නෙවෙයී බං හොදටම පිස්සු"
"අපේ අම්මත් කිවූවා බං"


හවස පන්සල් යන්නත් හිතාගෙන දෙන්නම ගලෙන් නැගිට්ටා 
ගෙදරට යනවට වඩා ටිකක් ඇවිදින්න තිබ්බ නම් හොදයි කියන එකට මූත් එකඟ උණු නිසා දෙන්නත් එක්කම නියර දිගේ මීහරක් වගේ දුවන්න ගත්තා.
හදිස්සියෙන් ම මූ ගහපු බ්‍රේක් පාරට මාව නැවතුනා කියපන්කෝ



"යකෝ බූරුවෝ වගේ බ්‍රේක් කරන්න එපා, කියලා ගහපන් ඕවා"
"උඹට පේනවද ඔය අර පොඩි එකෙක් ව බයිසිකලේ තියන් කොල්ලෙක් යනවා"

ඈත බයිසිකලේක යන ඩබලක් පෙන්නල මෙකි මගෙන් අහනවා 

මූ හිතුවද මංදා මට 40 ඇදිරිය කියලා
"මට තාම දුර හොදට පේනවා ඇයී.........?"
"ඒ තමයී මචෝ මගේ හද හොරාගත්ත ප්‍රේම වන්තයා"
"ඇහ් මොකක්.............??? "

මාව ගල් ටික් වෙලා ගියා
අම්මපා මේකි මටත් නොකියා බැන්දාදා
ඒත් පේන විදිහට ළමයට වයස අවුරුදු 3ක් වත් වෙන්න ඔනේ
එහෙම වෙන්න බැනේ මු බැදපු කතාවක් කවදාවත් මට කියලා නැනේ
අනික මූට අවු 3ක ළමයෙක් බැ බැ කීයටවත් වෙන්න නම් බැ
මේකි හොර කොටුවක් වත් පනිනවද?
නැ නැ මූ කවදාවත් අනුන්ගේ වතු වල ගෙඩි කඩන් කන්නේ නැ
ඇහ් ඒක එහෙමනම් එතකොට මූට ඒ කාලේ කෙසෙල් ගෙඩි ගෙනත් දුන්න අයියා කවුද?
අම්මට සිරි එක දිගට මට ප්‍රශ්න කෝටියයී

"යකෝ එතකොට ඒ ළමයත් උබේද.............?"
"අනේ මගුලෝ එකා මම කොලඹ ඉන්න කාලේ වෙන එකියෙක්ව බැඳලා,......
ළමයා එකීගේ "

අෆ්ෆා ඇගට ලේ බින්දු හතර හමාරක් ඉණුවෙ දැං

"අයියෝ බලපන් ඔය කතාව කොයි තරම් හද සලිත වෙනවද කියලා
උඹ ටිකක් පිළිවෙලකට ගලපන්න තිබ්බනේ,....
මට එතකොට අප්සට් මූඩ් එකක් වත් හදා ගන්න තිබ්බ දැන් නම් පරක්කුයී බං ......"
මම උගේ පිටට තට්ටුවක් දැම්මේ සිරාවටම සීන් එක දුක්ක දොමනස්සයක් නිසා
ඇත්තටම ඒ කතාව දුක හිතෙන සීන් එකක් උනාට ඌ එහෙම කියලා දැම්මේ ඌට දුකක් නැතුව නෙවෙයී
ඌට ඔනේ උනේ ඒ දුක දැන් දැනෙන්නේ නැ කියලා මට ඔප්පු කරලා පෙන්නන්න...
මාත් ඒ බව පිළිගත්ත ගානට ඌත් එක්ක ආයෙමත් මී හරක් රේස් එක පැද්දා....

4 comments:

  1. පිස්සු හැදෙයි සද බැබලෙයි කිවාලු..

    ඔහොම ඩයල් එකකට සිරා ප්‍රේම වන්තයෙක් ඉන්නවා කියලා ඇහුවමයි...

    දැන් ඔය ගමන යන්නේ දෙන්නා විතරද?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට ගිහින් බලමු මචං

      Delete
  2. යකෝ මේක කියවද්දී පුරුදු ගතියක් එනවා.. අනේ මන්දා.. කොච්චර ට්‍රයි කලත් ඒ රාමුවෙන් මිදිලා මේක කියවන්න බෑනේ.. හිතෙන්නෙම මේක ලියන්නේ මූ ම තමා කියලා... :D

    හරි හරි ඒකේ අවුලක් නෑ.. අපි බලමු ඊළඟ කොටස...

    ජය වේවා...!!


    ප.ලි - මචං අර කෝඩ් එක අයින් කරපං කමෙන්ට් දානකොට එන..

    ReplyDelete
    Replies
    1. ගලපගෙන කියවපන් මචං හැබැයී රාමුවකට කොටු වෙන්න එපා
      ගින්දර බං මම චේන්ජ් කරන්නම්

      Delete

දැනෙන ඕනේම දෙයක් කියලා පලයල්ලා