Monday, February 20, 2012

ගිණිගත්තු හිත් යාය 6


හොද නින්දක් ගිහින් ඇහැරුනු මම හිටියේ තාමත් කොල්ලාගේ උරහිසේ
ඒ වෙනකොටත් පන්නිපිටිය පහු කරගෙන වේගයෙන් බස් එක කොළඹට ඇදෙනවා,
අම්මා නොගහා ඉදීද මම අහන්නේ තවත් දුර ගියා නම් මූ මව ගෙදරම එක්කන් යනවනේ  ඉතින්,....කාට කියනන්ද ටකරන් කිව්වලු
"හොදට නිදා ගත්තා නේද?"
"ම්ම් තැන්ක්z"
"මම නිසා බහින තැන පහු උනේ නැ නේද?"
"නෑ මම දෙහිවලට යන්නේ" 
"හ්ම්ම් ........ මම ත් තව ටිකකින් බහිනවා"
වෙලාවට දැන් ඇහැරුනේ එහෙනම් 
දෙන්නටම තිබුනේ මහරගමින් බැහැගන්න නිසා අපි දෙන්නම එකටම බැස්සා...........
අමාරුවෙන් බැහැගත්ත මම හිටියේ පට්ටම තිබහකින් 
මොනවා හරි බිල යන්න උවමනාව ඕනවටත් වඩා තිබුනා ඒ නිසා 
"ම්ම් මට නම් පට්ටම තිබහයී මොනව හරි බොමුද?"
මගේ වාග් මාලාව අම්මා මුත්තා ඉදිරියේවත් වෙනසක් නැති නිසා මෙතනදිත් ඒ සාම්පලේටම එළියට පැන්නා කියපන්කෝ
"එහෙනම් අපි මොනවා හරි බොමු, ඔයාට ප්‍රශ්නයක් නැද්ද?"
"ඉස්සර නම් ඔහොම ඇහුවේ කොල්ලා කෙල්ලගෙන් 
දැන් අහන්නේ කෙල්ල"
"සමාජේ වෙනස් වීමේ විපර්යාස කියන්නේ මේව තමයී"

දෙන්නත් එක්කම ඇමිටි එකට සෙට් වෙලා ෆෘට් ජූස් දෙකක් බිව්වා.....

"එහෙනම් යමුද අපි"
"මේච්චර වෙලාවක් එකට හිටියත් තාම ඔයාගේ නම දන්නේ නැනේ"
"ඇයි දැන් නම් නොදැන හිටියා කියලා කතා නොකර හිටියේ නැනේ"
මගේ වාචාල කටට නම් නිවනක් ම නෑ
මම "සම්පත්"
මම "නෙතු"
අහම්බෙන් සෙට් උණු  සම්පතට සමුදීල එතනින්ම රොද 3 එක්ක මම ගෙදරට සෙට් උනේ බස් ගමන් තව දුරත් කරන්න බැරි නිසයි....
ගෙදරට ආව ගමන් වොශ් එකක් දාගේන  සෙට් උනේ කන්න
සෙල්විගේ කෑම කන්න මම හැමදාමත් බඩේ ඉඩ තියාගෙන එනව කියලා එයා දන්න නිසාම මගේ කැම එක වෙනම අයින් කරල තිබුණා.
ගමනේ විස්තර ටිකක් සෙල්විට කිව්ව මම සෙට් උනේ ටිකක් තනියම ඉන්න සෙල්විගේ උදවු ඇතුව මිසක් මලාට මට පඩි පෙළක් තවත් නගින්න බැරි බව තේරුනේ කාමරේට යා ගන්න විදිහක් නැතිව දුක් වෙද්දි.......... 
"සෙල්වි ක(ර්)ට්න් ඔක්කොම වහලා කැන්ඩ්ල් දෙකක් විතරක් පත්තු කරන්න" 
මම කියන්නේ මොනවාද ඕනම දෙයක් ආසවෙන් කරලා දෙන්න සෙල්වී හැමදාම කැමැත්තෙන් හිටියා
"යද්දි දොර වහගෙන යන්න කාටත් එන්න දෙන්න එපා මම නිදි කියන්න" 
ඉටිපන්දම් එළියෙන් මුළු කාමරයම එළිය වෙද්දි 
මම ආයෙමත් අද දවසේ සිද්ධ උණු සිද්ධීන් එක්ක පොර බැඳුවා
මගේ අතින් සිද්ධ උණු එහෙමත් නැත්තම් මම විසින් සම්පත්ගේ උරහිසේ ඔලුව තියාගෙන ආපු එක ගැන නම් මට ගින්නක් නැ
මගේ හිතට අනූව එකේ වැරැද්දක් නැ 
තිබුනත් ඉතින් දැන් කරන්න දෙයක් නැ
මට නිදි මත ආව මම නිදාගත්තා එච්චරයී
ඒත් මට තාම හිතා ගන්න බැරි ඔය කෙහෙල්මලක් නෙවෙයී
මගේ හිතා තාමත් මගෙන් අහන්නේ කොල්ලෙක් ඔහොම වෙන්න පුලුවන්ද කියන එක විතරයී
එච්චර දුරක් ඒතරම් ලඟින් ඇවිල්ලත් 
මහරගමදිත් එකට කූල් ස්පොට් එකේ ඉදලත් නම කිව්වෙත් ඇහුවෙත් අන්තිම මොහොතේ
ඒ විතරක් නෙවෙයි අඩුම තරමින් ආයේ දවසක දකින්නවත් කතා කරන්නවත් කවුද කොහේද කියන කිසිම විස්තරයක් නැතුව වෙන් වෙලා ගිය හැටි
සිරාවටම මට ඒ හැඟීම පට්ටයී
මොන මඟුල කොහොම උනත් ඒ වගේ සිරා ඇඟක් තියෙන කොල්ලෙක්ට ඉස්සර ඉදන්ම මම කැමැත්තෙන් හිටියා
හීනියට හරි ඒ වගේ කොල්ලෙක් එක්ක ගෙවුනු ඒ පැය ගාන මට පට්ටම සුන්දරයී
ඉටි පන්දම් එළිය යට හැමදාම ඇස් හංගන් ඉන්න මම ආස කලා
ජිවිතේ සුන්දරයී, හැමදාම ක්මට එහෙම හිතුනා
මගේ අතින් මොන කුජීත වැඩක් සිද්ධ උනත් අවසානේට මම හිත හදාගත්තේ එහෙම හිතලා
මට දැනුනේම සම්පත් මගේ ලඟ නිදාගෙන ඉන්නවා වගේ 
අනේ මෙ රෙද්දක් නොහිතා නිදා ගනින් 
මම මටම බැනගත්තේ මේ මගුල් හිතත් අයාලේ යන්න තියෙනවා නම් පැන පැන හරි යන්නම නටන බව දන්න නිසයී. 

8 comments:

  1. කතාව නම් හොඳයි. ඒත් මේක කියවද්දි මේක "නිරුවතින් ඇවිදිමු" එකේ කොපියක්ද කියල මට හිතෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. "නිරුවතින්" යන්නේ වෙනම පාරක
      ඒත් "අඳුරෙන් බිඳක් ඔබ්බට" යන්නේ තවත් පාරක
      ඒ නිසා පටල ගන්න එපා මචංලා

      Delete
    2. නිකමට වගේ මටත් හිතුනා... :D

      Delete
    3. එහෙම දැනෙන්න ඇත්තේ වචන හැසිරෙන විදිහ නිසා වෙන්න ඇති ඒත් කොපි කිරිමේ කලාවක් මා සතුව නැ

      Delete
    4. ආභාශය කියල හිතන් ලිවුවට, අනුකරණය තමා එලියට එන්නෙ. කලිනුත් බ්ලොග් ලියපු කෙනෙක් වගේ ගතියක් පෙන්නුම් කරනවා.

      Delete
    5. එහෙම හිතෙන්නේ මිනිස්සු රාමුවකට කොටු උනාමයී
      මම හිතන්නේ මේ ඇනොත් ඉන්නේ කැටයම් කපපු රාමුවක් ඇතුලේ
      හොදම දේ ඒ රාමුවෙන් පිටට ඇවිත් ඇස් ඇරලා බලන එකයී
      මම මේ කරන්නේත් රාමුවෙන් එළියේ ඉදන් නිදහසේ ගලන්න ඉඩ දීමක් විතරයී
      උදා:- ගොළු මිනිසුන් දෙන්නෙක් ලොකයත් එක්ක ගණුදෙණු කරන්නේ එකම හස්ත රේඛාවන් මගින්
      ඒත් ඒ පුද්ගලයන් දෙන්නාම ගොළු උනාට කතා කරන අදහස් ප්‍රකාශ කරන මාධ්‍ය එකම උනාට ලෝකෙට කියාපාන්නෙ කතාවන් දෙකක් වෙන්න පුලුවන්

      ඒ නිසා හොදම දේ රාමුවෙන් පිට ඉදන් ජීවත් වෙන එකයී

      Delete
  2. අනේ මන්දා............. බලමුකෝ........... මොනා වෙලාද ගිණි ගත්තේ කියලා

    ReplyDelete
  3. හයියෝ පවු සම්පතා.... :D

    ReplyDelete

දැනෙන ඕනේම දෙයක් කියලා පලයල්ලා