Tuesday, February 14, 2012

ගිණිගත්තු හිත් යාය 4

සිරිපා කරුණාකරලා අහවර වෙච්ච අපි දෙන්නම හැටන් වලින්ම සමුදුන්නේ ගෙදර යන්න බස් එකට ඌව නග්ගලා..
මාත් පට්ට ගේමක් දීල බස් එකට නගින්න හදන කොටාම පිටිපස්සේ හිටපු කොල්ලෝ තුන් දෙනෙක්ගේ සෙට් එකක් ඇහුවා නංගි නග්ගන්නද කියලා...
සිරාවට මට නැග ගන්න තියා කකුලවත් උස්ස ගන්න බැ
ඇත්තටම උන් ඒක ඇහුවේ සිරා මූඩ් එකකින්
ඒ නිසාමට මට හිතුනා හෙල්ප් එකක් ගන්න එක හොදයි කියලා..
එතන හිටියා ලස්සන කොල්ලෙක්
ඒත් ඉතින් මගේ පුරුදු පැණි හිනාව දාන්න බැනේ
මොකද මුන් සෙට් එකනේ මට කතා කලේ,
මම ඔන්න උගේ පස්සෙන් ගියා නම් තවත් බලන් ඉන්නේ නැ පැණි බේරෙන්න හිනාව දාලා ඒත් මම දැන් නිහඩයී

"පුළුවන් නම් මට අත දෙන්න"
"අපෝ සුළු දෙයක්නේ"
"නංගිට අදට නෙවෙයී හැමදාටම උනත් අත දෙන්නම්"
පට්ට ආතල් සෙට් එකක් වගේ හිනාවෙවී මුන් විහිළු කරනවා
ලස්සන කොල්ලා බස් එක ඇතුලට ඇවිත් මට අත දෙන්න ලැස්තී
"නැ මට දැනට විතරක් අත දුන්නොත් ඇති"
කියාගෙනම මම උගේ අත ඇල්ලුවා
අම්මෝ සීතල
මාව හිරි වැටුණද මංදා
 
මළුවට වඩා සිතලයී ද කොහෙද මුගේ අත
මම හිමිට ඒ අතේ එල්ලිගේනම බස් එකට නැගගත්තා

ගෙදරටම අල්ලගෙන යන්න බැරි වෙයිද දන්නේ
මග නොසන්ඩාල හිත අහනවා
ඕක අහන්න ගියොත් මට ළොවෙත් ඉන්න වෙන එකක් නැ


බස් එකට ම හිටියේ තුන්  හතර දෙනයී
කට පුරා හිනා වෙල මම කොල්ලට තැන්ක් ක
ලා
සෙට් එකම ගින්දර වගේ ෆිට් එකේ හිනාවෙලා යනන් ගියා
අෆ්ෆා...........
කකුල් දෙක මගේ ද කියල හිතන්නත් සැකයී වගේ
අම්බානක රිදෙනවා
පට්ට සීතල විදගනිම් ජනේලයෙන් එහා ලෝකයේ ආයෙමත් මම අතරමං උනා
පිටිපස්සෙම සීට් එකේ මුල්ලක අත පය දීගැරලා ඉදගත්තා මම
හිත නන්නත්තාරේ යන්න හදන්නේ මේ වෙලාවට තමයී
මට ත් මොකෝ යන තැනක පල කියලා මම සීතල විදගන්න ආසවෙන් ඇදගෙන හිටපු ජැකට් එක ගලවලා දැම්මා
මුළු ඇගම හිරිගඬු පිපෙන්නට ඇතී
මේ වෙලාවට හඳුන් කූරක් වත් පත්තු කරගන්න තිබුණා නම්
රෑ ඇදලා ඉවර කරපු හඳුන් කූරු පෙට්ටියේ ඉතුරු 2ක් විතර ඇති මං හිතන්නේ...
බැහැලා කඩේකට ගිහින් කූරක් විතර ඇදලා එන්න හිතෙන තරම් සීතල දැනෙනවා...මේ වෙලාවෙ ඕකට සෙට් උනා කියන්නේ මට මේ පූජා භුමියේ මට ඉන්න නෙවෙයි.....
ඊයේ රෑත් කඩ අස්සට රිංගගෙන බොන කොල්ලෝ අස්සේ ඉදන් මාත් ඇද්දට
ඕක පාරේ බිබි යන්න ගියා නම් ලෙඩ ගොඩයි
හැම එකාම කතා කරන්නේ එතකොට 100 බීපු සිගරට් එක ගැන නෙවෙයී මම බීපු සිගරට් 1 ගැන විතරනේ
ඕක ඉතින් කරන්න දෙයක් නැ සමාජේ වැරැද්දනේ
මුන්ට ඉතින් කෙල්ලෙක් බිව්වොත් එක ජිමික් එකක්
එන්න එන්නම සීතල වැඩියෙන් දැනෙනවා
සිගරට් එකක් නැති පාළුව විදගන්න නම් හිතට හරිම අමාරුයි
ඒත් වෙලාවේ හැටියට කරන්න දෙයක් නැති තැන ඉවසන් ඉන්නම වෙනවා...
ඒ තරමට හුළඟ සීතලයී ආයෙමත් ජැකට් එක ඇගට දාගෙන මම ස්කාෆ් එකත් ඔතා ගත්තා
බස් එක යන්න පිටත් වෙන්න හදනකොටම හෙන සෙට් එකක් ඇවිත් බස් එකේ එල්ලුනා...
මම මගේ ලෝකේ අතරමං වෙන්න සැහෙන්න උත්සාහ කලා
ඇයි හත් දෙයියනේ මගේ ලොකේ කියන්නේ එසේ මෙසේ තැනක් ද?
එතනට යන්න නම් ඉතින් භාවනාවක් වගේ හිත සංසුන් කරගන්න ඔනේ...
අපෝ අමර කැටයම් මාලිගාවක් ද කොහෙද ලඟ වාඩි උ
නා.
මූ ඇවිත් තියෙන්නේ සෙට් එකක් එක්කම
උන් ඇවිත් මූව බස් එකේ දැම්
මා.
 අනිත් උන් වැන් එකකට නැග්ගා
මූට වේව් කරපු සෙට් එක මගේ ලඟ මූ වාඩි උනා දැක්ක ගමන් එක එක විහිළු කරලා යන්න ගියා
සිරා සෙට් එකක් උන් ඔක්කොම කොල්ලෝ ටික හැන්ඩි
මූ ත් හරි බැරි ගැහිලා වාඩි උනා. සිහින් සිනා රැල්ලක් මුණේ ඇදෙනවා
"ලස්සනයී" මම මටම කියාගෙන එළිය බලාගත්තා
ඉතින් මේතන කොහොම සංසුන් වෙන්නද හතර අතෙන්ම කොල්ලෝ පිරිලා එහෙට මෙහෙට යද්දී......
මේ වගේ හැන්ඩි කෑලී ටිකක් බැස්සම අම්මප මගේ හිත ගල් ටික් වෙල ආයේ ටික් වෙනවා...
මගේ ලොකේ කෙසෙවෙතත් මම අතරමං වෙන්නේම මුන්ගේ ලොකේ


ලස්සන පරිසරයක් මැදින් බස් එක ඉස්සරට ඇදෙනවා
සීතලත් එක්ක මට තුරුළ් වෙන්න තිබුණා නම් කියලා හිතුණා
උඹ මගේ ලඟ හිටියා නම් මට ජීවිතේ මේ තරම් සීතල තදින් දැනෙනේ නැති වෙන්න තිබුණා..
උඹගේ ඇස් දිහා බලාගෙන ජීවිතේ විදින්න හුගාක් දවස් වලට මම මඟ බලන් හිටියා
උඹ හැමදාම කලේ මගේ ඇස් මඟ ඇරලා හිටපු එකමයී
ජිවිතේ මම උඹෙන් ඉල්ලුවේ මට ඒක උඹත් එක්ක විද ගන්නයී
උඹ සමහරවිට නෙළුම් මලෙන් උපන් කුමාරියක් හොයනවා ඇති
බලන් හිටපන් මේ තිඹිරි ගෙයි අස්සේ උඹට නෙළුම් මලෙන් උපන් එකියක් හම්බෙනකම්..

කොල්ලෝ මහ පුදුමාකරයී
එකට සිගරට් එක ඇද්දට මොකද මුන්ගේ බොක්ක පට්ටම වෙනස්
සතපහකට විස්වාසයක් නැති සමාජයේ උඹ ගැන විතරක් ඉහට උඩින් විස්වාස කරනවා කියන එක මහ විහිළුවක්
උඹ කියන්නේත් තවත් එක් චරිතයක් විතරයී
ඉන්න පුලුවන් කාලයක් මම උඹත් එක්ක ඉන්නවා

ලාවට ඇස් වලට නිදිමත ගලාගෙන එනවා දැනුණේ එහා පැත්තේ හිටපු කොල්ලගේ උරහිසට මගේ ඔලුව සෙට් වෙනකොටමයි
නින්දෙන් වගේ උගේ දිහා බැලුවට්ට සිරාවට මම හිටියේ නින්දෙන් නෙවෙයී
මම ටිකක් ආස කරන දේහ ලක්ශන උගෙන් මම දැක්ක
වේට්ස් කරන ඇගක්
අත් දෙක නම් පිරිලා පැලෙන්න
අෆ්ෆා මට ඒ හොදටම ඇති තවත් බලන් ඉන්න දෙයක් නැ දැන්ම වැඩේට බහින්න ඕනේ...


එක්කො මම අද ඇදගෙන නානව
නැත්තම් මූට කියලා නාව ගන්නවා
මට කෝකත් එකයී
ආයෙමත් මම හිමිට ඔලුව උගේ උරහිසට හෙත්තු වෙන්නම ගෙනවා හරියට තද නින්දෙන් වගේ
පළල් උරහිස් පිරිච්ච පපුවක් ඌට තිබුණේ
මගෙ හිත පොරකනවා.........කෑගහනවා.............
යකෝ හිටපිය වද නොදී හිමිට ගලපගමු
උගෙන් ගලාගෙන එන සුවද විදගන්න තව ලංවෙන්න බැරි උනොත් මගේ හිත මෙතනම නවතින තරම්..............මාව මත් වෙලා........

හුගක් සැර නැති සුවදක් හමනවා
ඩෙෆිනෙට්ලි "අයිස් කූල්" මූ දාන ෆර්ෆියුම් එක
මරාගෙන මැරෙන්න හිතෙන සුව
ක් විදගන්න මට නම් තවත් ඉවසුම් නැ
හිමිට හිමිට ළං උණා.....
එක පාරටම තද නින්දෙන් වගේ මම ඔලුව පන නැති කරලා උගේ උරහිසට වදින්නම අතැරියා
පිස්සු කොරනේ මචන්
මූත් මට ඔලුව තියාගන්න ඉඩ දෙනවා
කොල්ලා පොඩ්ඩක් ලං උනා වගේ දැනුණා
හේතුව මාව තව ටිකක් තද උනා..
පට්ටයී මේ සීතලේ මූ මෙහෙම ලං වෙන එකම මට සනීපයී
මගේ පැත්තට තිබුණේ මුගේ වම් අත
මූ හිමිට වම් අත උරහිසින් මට
ලං කලා
මූ මට වඩ හොද උස මහත කොල්ලෙක් ඒ නිසාම මට ගෙදරට යනකම් සැප නින්දක් දාගන්න පුලුවන් වගේ
අනේ සමන් දෙවී හාමුදුරුවනේ
මූ මෙහම මට නිදා ගන්න දෙනවා නම් මම ලබන පාර තනියම හරි කරුණා කරනවා අම්මපා
එදාටත් මූව ම මට මුණ ගස්සන්නෝ



මාව සාටර් වෙන්න මූ කියයිද දන්නෙ නැ එහාට වෙන්න කියලා
නැත්තම් මූ මට මෙහෙම්ම ඉන්න දෙයිද දන්නේත් නැ 

දැන් මොකද කරන්නේ
තව දුරටත් මෙහෙම යනවද?
නැත්තම් මම මම සොරි කියලා අයින් වෙනවද?

16 comments:

  1. අම්මා ගහයි ටීන් එකෙන්.. ඔන්න කෙල්ලගේ සැප කනේ.. කොල්ලගේ සැප උරහිසේ...

    හක හක හක... :D


    ප.ලි - කෝ බං අරක අයින් කරලා නෑ නේ...

    ReplyDelete
    Replies
    1. මචං අයින් කරන විදිහ කියපන්
      මාත් මේ දැන් හෙව්වා එත් සෙට් උනේ නැ

      Delete
    2. ඔයාගේ බ්ලොගර් එකේ ඩැෂ් බෝඩ් එකට ගියාම URL එක තියෙන්නේ මේ දෙකෙන් කොහොමද?

      http://draft.blogger.com
      http://blogger.com
      ද?
      පලවෙනි එක නම් තියෙන්නේ ඕකේ ඉඳලා තාම ඒක අයින් කරන්න බැහැ මන් දන්න විදිහට ඒක නිසා දෙවෙනි එකට මාරු කරගන්න වෙනවා

      Delete
    3. කොහොමද කරගන්න ඕනේ කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
      ඩැශ් බෝර්ඩ් එකේ තියෙන්න www.blogger.com/blogger bla bla blaa.....

      Delete
    4. settings->comments-> Show word verification for comments? N0 ->save


      ඔහොම දාලා බලන්න....

      Delete
    5. කාගේ කරුමෙද මංදා මචං එහෙම එකක් කමෙන්ට්ස් වල පෙන්නන්නේ නැ

      Delete
    6. එහෙනම් මචෝ http://draft.blogger.com කියලද දන්නෑ තියෙන්නේ....

      Delete
    7. මචං උඹේ තියෙන්නේ අලුත් ඩැෂ් බෝඩ් එක වෙන්න ඕනේ
      ඕකේ ඉඳන් ඒක වෙනස් කරන්න බැහැ ඒක නිසා මෙහෙම කරන්න

      දකුණු අත පැත්තේ තියෙන රොදේ උඩ ක්ලික් කලාම එනවා
      Old Blogger Interface
      කියලා එකක් ඒක ක්ලික් කරන්න

      ඊට පස්සේ මේක කරන්න
      settings->comments-> Show word verification for comments? N0 ->save

      Delete
    8. මචං දැන් හරිද?

      Delete
    9. රයිටෝ එළ කිරි...!!

      Delete
    10. තැන්ක්ස් කිව්වා අපි එහෙනම්

      Delete
    11. ඊළඟ කොටස හෙට දාපං එහෙනම්....

      ජය වේවා....!!

      Delete
  2. තැන්ක්ස් කිව්වා

    ReplyDelete
  3. විහිළුවට වගේ අහන්නෙ.. උඹ ඇත්තටම කෙල්ලෙක්ද බං??

    ReplyDelete

දැනෙන ඕනේම දෙයක් කියලා පලයල්ලා