Thursday, February 16, 2012

ගිණිගත්තු හිත් යාය 5

මම "සොරි" කියන්න හිතාගෙනම කොල්ල දිහා බැලුවා
හත් දෙවියනේ අහස පොළව උහුලයිද ඌ හෙලපු බැල්ම
"කමක් නැ නිදා ගන්න, මහන්සී ඇතිනේ මුළු රැම නැගලා"

අයියෝ සිරිපාල කිව්වලු
මට දෙළොවම එපා උනා බන් මාව ටික් වෙලා ගියා
කොල්ලා හිමිට උගේ දකුණු අතින් මගෙ ඔලුව අතගෑවා කියපන්කෝ
නයි කයිද ජෑම් පාන් කිව්වලු තමත් මම හිතන්නේ මම ඇස් පිල්ලම් ගහන්න නැතුව අති නැතුව ඇති නෙවෙයි බං මට ඇස් තියෙනවද කියලවත් මතක නැති උනා......
පොඩ්ඩක් හිතපන් මගේ හදවතත් නැවතිලාද කොහේද? මේ මොකද්ද හත් දෙයියනේ මේ වෙන්න යන්නේ
මම ඇස් හීනි කරලා උගේ දිහා බැලුවේ නිදි බේරෙන පාර්ට් එකක් ඇක්ට් කරන ගමන්
මූ රැවටුනාද මම රැවටුණාද කියල මට හිතා ගන්න බැ......
නැ නැ ඩෙෆා සමන් දෙයියෝ මගේ දිහා බලලා
හැබැයි තනියම ඉද්දි නෙවෙයි මම හිතන්නේ අද ගණ දෙයියොත් එක්ක ටී එකකට සෙට් වෙලා වෙන්න ඇති
නැත්තම් කොහෙන්ද බං මට මේ තරම් මොලයක්
දෙන දෙයියෝ කවුරු උනත් මට නම් අතගාල ම දෙනවා වගේ
"ඔව් චුට්ටක් මහන්සී එකයී නින්ද ගියේ,සමාවෙන්න මම කරදරයක් උනා නම්"
"නැ නැ එකට කමක් නැ ඔයා නිදා ගන්න මට කරදරයක් නැ"
ඇහ් මේ වගේ පින්වන්ත කුමාරයෙක් මට ගෙදරට කැන්දාගෙන යන්න තියෙනවා නම්
ඇහ් බැ බැ මූ හැම කෙල්ලටම මෙහෙම උරහිස දෙනවාද කවුද බං දන්නේ
අම්මපා මූ හිතනවද දන්නේ නැ මෙකි හැම කොල්ලටම මෙහෙම සෙට් වෙලා නිදා ගන්නවා කියලා
කාල වරෙන්කෝ.........
ඇණගත්තනේ............
සිරාවට මූ මං ගැන වැරදියට හිතාවිද?
ඔව් එහෙම වෙන්න පුලුවන් තමයි මොකද මේක ජපානේ නෙවෙයීනෙ
උරහිසේ නිදා ගත්තම ජප්පො නම් අයේ අරු ඇහැරෙනකම් කූද්දන්න යන්නේ නැනේ
අපේ උන් එකට ඇහැරෙන්න කලින් උස්සන් යනවනේ
මම නින්දෙ වගේ පෙන්නුවට දැන් මට නින්ද යන්නේ නැ
මම බය වෙලාද මංදා??
සනීපෙට මගේ ඔලුව අතගානවා දැනුණා කියපන්කෝ
බුදු අම්මෝ මට ගැලවීමක් නැ අර කතාවකටත් කියනවානෙ කොට්ටෝරුවා හැමදාම එක එක ගහට කොටලා කෙහෙල් ගහට කොටපු දවසටනේ කෙලවෙනවා කියන්නේ
මාත් මේදා පාර කොටලා තියෙන්නේ නිකන් කෙහෙල් නෙවෙයී බන් ඇටි කෙහෙල් ගහකටද කොහෙද.....
දැන් මොකද කරන්නේ නින්දේ හැටියට ඔලුව ඇල්ලුව වගක් පෙන්නලත් බැ
නොපෙන්නා ඉදලා මූ තව තව එවා අල්ලන්න ගනීද දන්නැ
හිටපන් කරන්නම් වැඩක්
මම එකපාරටම ඇස් ඇරියා ඔලුවත් කෙළින් කර ගත්තා
පට්ට විදිහට හිනවක් දාපු කොල්ලා අහනවා
"ඇයි නිදා ගත්තා ඇතිද?"
පිලිතුරු හිනාවක් දුන්නු මම
"ම්ම් තැන්ක්ස් " කරදරයක් උනා නම් සමා වෙන්න"
"කරදරයක් නම් නැ ඕනෙ නම් තවත් නිදා ගන්න"
අඩෙ අෆ්ෆා හිතේ කිසිම ගින්නක් නැතුව මූ කියන ලස්සන
මම මේ උතුර දකුණ ගලප ගන්න බැරුව ඉද්දි තවත් නිදා ගන්න කතා කරනවා.....
මම හිතන්නේ කොල්ලා මගේ ඔලුව අතගැවේ සිරා හැඟීමෙන් වෙන්න ඇති....
නැත්තම් මූට තිබුණනේ මාත් එක්ක කතා කරන්න තවත් මට ඇණයක වෙන්න පුලුවන්නේ....
ඇයී මෙ කොල්ලා එහෙම නැත්තේ
ඌ උගේ පාඩුවේ දොරෙන් එළිය බලාගෙන යනවා
මම ත් ජනෙල්ලෙට හේත්තු වෙලා කල්පනා කරන්න ගත්තා
මෙහෙමත් කොලිටි කොල්ලො ඉන්නවද කියලා
මූ මට කැටයමක් නෙළනවද දන්නේත් නෑ...........

ආයෙමත් ළාවට නින්ද සෙට් වෙනවා කියලා දැනුනේ ඔලුව කළු ගලේ ගැහුවා වගේ ජනේල් පොල්ලේ වැදුණු පාරට.
විළි ලැජ්ජාවයී ඩ්‍රයිවරයෝ ඔහොම වලවල් උඩින් අතාරින්න එපා බං අංකල්
මම මේ ජිවිතේ ගැට ගහගන්න වෙලාවේ..
කොල්ලා ආයෙමත් බලලා "කමක් නැ ඔයා නිදා ගන්න මම මොකුත් හිතන්නේ නැ"
කියලා ආයාචනා බැල්මක් හෙළුවා
මගේ හදවත් සළිත වෙලා ගියා
එක පාරම කැමති වෙන්න බැරි නිසා
"නෑ කමක් නැ"
"කමක් නැ ළමයෝ නිදා ගන්න" කියාගෙනම මට ඔලුව තියන්න උරහිස පාත් කලා
මට කියාගන්න බැරි මහ පුදුමාකර හැඟීම හුගාක් දැනුණා...
දිවුරලා නම් කිය
න්න බැ ඒත් මම දන්න විදිහට මේ හැඟීම මට කාගෙන්වත් දැනිලා නැ.... මම හිතන්නේ
කොල්ලාගේ හුස්ම ගන්න ලතාවා පවා මට හුගාක් හොදට දැනෙන්න ගත්තා........
පුදුම විදිහකට හිතට අමුතුම හැඟීම් ගලන් එන්න උනා............
මම තවත ටිකක් ඒ පළල් උර තළ අතරේ මගේ ඔළුව හංගා ගන්න හැදුවා..
ඒ හැම මොහොතකම මම හිතන්වට ත් වඩා සනීපෙට නිදා ගන්න ඒ උරහිස් මට රුකුල් උනා
ආයෙමත් ඒ හැඩි දැඩි අත් මගේ ඔලුවට බර වෙලා සනීපෙට ඔලුව අතගෑවා
මට මගේ කියන හැඟීම තදින්ම දැනෙන්න ගත්තා
මම අතරමං උනාද මංදා
එක පාරටම ඔළුවෙන් අත ගත්ත කොල්ලා
"හලෝ....ව්"
අම්මා මුගේ හලෝ එක මේ තරම් සිරා ද?
මම ම්කුත් දන්නෙ නැති ගානට තාම ඉන්නවා
"ඔව් මචං"
(නිහඩයී)
"නැ නැ ඉන්නවා"
(ආයෙමත් නිහඩයී)
"අනේ පව් බං හොදටම නින්ද ගිහින්,මම හිතන්නේ තනියම ඇවිත් තියෙන්නේ"
ඒ නම් මං ගැන තමයී අහන්න ඇත්තේ
"දන්නැ බං"
(ආයෙමත් නිහඩයී)
"ම්ම් මගේ ලඟ"
(ආයෙ ආයෙමත් නිහඩයී)
"පිස්සුද බං මම තියෙනවා"
(ආයෙමත් නිහඩයී)
"ආ.... උඹල දැන් කොහෙද?"
(ආයෙමත් නිහඩයී)
"නැ නැ ගිණිගත්හේන පහු කරගෙන යන ගමන්
ඕකේ
බායි....."


සංවාදය මොකක් උනත් කවුරු කළත් උනේ බාගෙට බාගෙයක්ම මං ගැන බව නම් ශුවර්

ඇත්තටම මේ හීනයක් ද?

3 comments:

  1. කතාව නම් එල.. අර නිල්පට එක්ක නම් මට මල.. ඇස් වලට අමාරුයි..

    ReplyDelete
  2. මොකක්ද වෙන්න යන්නේ.......................... අනිෆා ඩෙෆා නැමක් වගේ

    ReplyDelete
  3. ඇඩේනව තනි ඇහැට.....

    ReplyDelete

දැනෙන ඕනේම දෙයක් කියලා පලයල්ලා