Wednesday, February 22, 2012

ගිණිගත්තු හිත් යාය 7

උදේ පාන්දරම නැගිට්ටම මම බැලුවෙ මගේ දු.ක දිහා 12.30යී.... 
අම්මෝ අද නම් කලින්ම අවදි වෙලා ඇදෙන් බහින්න තියා හිතා ගන්නවත් බැ..
මෙහෙම තියෙද්දි එළියට වත් යා ගන්න නම් වෙන්නේ නැති එක ගැන නම් පට්ටම ෂුවර්....
හොදම දේ ගේ ඇතුලටම වෙලා දවස් දෙක තුනක් ඉන්න එක... 
ඒත් ඒක කොහොමද කරන්නේ..........වැස්සකටවත් ගෙදර ඉන්න අකමැති මම...........?
සුපුරුදු විදිහටම වොෂ් එකක් දාගෙන සෙල්වි ගෙනත් දුන්නු කැමත් උදේට කාලම සයිබෙට සෙට් උනා......
අම්මෝ........ අප්ඩේට්ස් ගොඩයී ඒත් මෙලො රහක් නැ,...වැදගත් යමක් නම් තිබුනේම නැ...
සයිබර් යායෙම සැරි සරලා අවසානයක් හොයා ගන්නම බැරි තැන  ගියේ ආයේමත් අතිතෙට පියමනින්න..
හුගාක් ඉස්සර අතිතයේ දවසක උඹත් එක්ක ඇවිදන් ගිය උඹත් එක්ක හිනා වෙලා පට්ට ආතල් ගොඩක් මැද ෆොටොz ගත්ත තැනක මගේ හිත නැවතුනා....නැවතුනා නෙවෙයි නැවැත්තුවා....
එහෙම උනොත් කොහෙදෝ යන හාල්පාරුවෙක්  එතනම ඉදන් ෆොටොz අරන් එවා අප්ලෝඩ් කරලා තියෙනවා දැක්ක නිසා....
නොදකින් අමතක කරන මතකයන් ආයෙමත් මගේ ඇස් ඉස්සරහට ඇවිත් හංගලා තියෙන කඳුළු කැට වලට පාර කියන හැටි.
මහාමෙරුව වගේ තද කරගෙන ඉන්න මයේ හිත කඩා දාන්න හදන මුන් මට යාලුවො කියල හිතෙන්නෙ නැ
මුන්ව මට අහු උනොත් වෙඩි තියල දානව
එක පාරයි ඔන් ද ස්පොට් වෙන්නම
චික් හැල ගෙම්බෝ
............
දිග නිහඩීයාවකින් විනාඩි කීපයක්ම ගෙවිලා ගියා
ඇත්තටම මම කාටවත් බැනලා වැඩක් නැ.
නමුත් මම එහෙම කලේ මගේ හිත හදා ගන්න එත් තේරුමක්ම නැ..
තාමත් මම අතීතයත් එක්කම මියදිලා ගිහිල්ල
තරුෂ එක්ක එදා ගත්ත හැම ෆොටො එකම ඇල්බම් එකක ආදරෙන් දාල තිබුණා.......
ආයෙමත් ඒ හැම දේම මම හොයල ගත්තේ ඒ මතකයන් අතර හිර වෙන්න ආසවෙන්
තාමත් ක(ර්)ට්න් ඇරලා නැති නිසාවෙන් අඳුරටම ගිළිලා තිබුණු කාමරේ මට ගෙනාවේ සැනසීමක්.
හැමදාමත් අඳුරට පිළිවෙලකට ආදරේ කරපු නිසාමද ජිවිතෙත් මේ තරම් අන්දකාරයකට වැටුනේ කියන්න මම දැනගෙන හිටියේ නැ...
අන්දකාරේ ගිළින මම හැමදාම රොමැන්ටික් උණා....
අසීමිත විදිහට මම අඳුරට ඇබ්බැහි උ
නෙත් තරු මගේ ජිවිතේට ගිනි තියලා ගිය දවසේ ඉදන් කියලා මුළු ලෝකයම දන්නවා ඒත් ඒ දැන ගන්නම ඕන තරු කවදාවත් එක දැනගෙන හිටියේ නැ.
ඇල්බම් එක දිග ඇරගෙන බිම දිගා උනා.
සීතල පොළව මාව සීතලට බදා ගත්තා.....
තරු
ගේ ආදරණීය අත්වලින් මාව තුරුළු කරගන්නවා වගේ.
ඇත්තටම හරිම ආදරණීයයී...............
  
...................තරු.............මම.............
........මම.............. තරු...........
...................අපි......................  

........අපි............................. 
 ...................තරු.........................මම.............
........මම....................... තරු...........
ඒ හැරෙන්නට මේ ඇල්බම් එකේ හූනෙක්වත් හිටියේ නැ.
හිමිට එකින් එක හරිම සීරුවට පෙරළුව.
ලස්සනයී තරු
ගේ ආදරණීය හිනාව හැම පින්තූරයකම සටහන් වෙලා තිබුණා.
මොනවා කලා කිව්වත් ගැණුකම හරි මොකක් හරි රෙද්දක් ඇවිත් මගේ හිත පාරගෙන ඇස් වලට කඳුළු දුන්නා........
හරියට පිහියකින් මගේ පපුවට අනිනවා වගේ හැඟීමක් රිදීමක් එක්කම ඇස් බොඳ වෙන්න ගත්තා.....
තරු
ගේ උණුහුමට ගුළි වෙලා ආදරෙන් තුරුළු වෙලා හිටපු ෆොටෝ එක මාව හුගාක් ඇඩෙව්වා...
"මගේන් වෙන් වෙලා යන්න තරම් මම මොනවද දෙයීයනේ ඔයාට කලේ..................?"
මගේ හිත මාහා හයියෙන් කැගැහුවා
මට මාවත් නැති කරපු ඒ අතිතයට ආයෙමත් ඉගිලිලෙන්න තටු හෙව්වා....
ලොවි ගෙඩි වගේ කඳුළු ඇස් වලින් ගලන් යද්දී එවට සාප කරන්න හිතුණා,.....
........................................................
ඇල්බම් එක පපුවට තුරුළු කරගෙන පැය ගානක් අඩන්නට ඇති.....
ගෙවිලා ගිය හොරා ගාන කියද කියලා මනින්නටවත් හොයන්නටවත් මට උවමනාවක් උනේ නැ
තරු
..........මම හීනීයට කෙඳිරුවා......
තරුගේ ලෝකයේන් මගේ ලෝකයට ඉර පැයුවෙත් හඳ මොදු උනොත් එකට
අපි අපේ ලොකේ ජිවිතේ හොයන් ගියෙත් එකටම
ඒ ජිවිතේ ඇතුලේ තරු එක්ක ගෙවුණු හැම තප්පරයක්ම මාව ටිකෙන් ටික මරලා දන්නේ තනිවම
තරු මගෙන් මිඳුනේ කොතනකදීද කියන්න මම හොයන් ගියා
තරුව ජිවිතේ පළවෙනි වතාවට දැක්කේ බණ ගෙදරකදී
ඒත් මම යාලුවොත් එක්ක  සුදු ළුණු සුද්ද කරන තැනකින් තරු ගියා
නිකම්ම නෙවෙයී.......
"මෙයා අපිටත් සුදු ළුණු පොඩි කරයිද දන්නේ නැ" කියාගෙනම
තවත් දවසක් යාලුවොත් එක්ක බීච් ගිහින් එද්දි වැස්සට අහුවෙලා හොදටම වැස්සේ තෙමිලා ගෙදරට ආවා මදිවට ගෙදර මිදුලෙත් හොදටම වැස්සෙ නට නටා කැගහනවා දැකලා එලියට අව තාත්තාගෙ රැවුම් ගෙරවුම් දැකලා "තාත්තේ එන්න අපි තෙමෙමු"
කියද්දී තාත්තා "ඔයා හොදටම තෙමිලා එනවා ගෙට"
ඒ කියපු ස්වරය මට ඒ තරමටම දිරවගන්න හම්බුනේ නැ
ගරාජ් එකේ නවත්තලා තිබුනු වොක්සගන් එක දැක්කම මට හිතුනේ කවුරු හරි අපතයෙක් ඇවිත් කියලා
විළි ලැජ්ජාව අතේ අරන් මම හිමිට ගෙට සෙට් වෙනකොටම දැක්කේ ඒ හිටියේ මට එදා සුදු ළුණු තලපු කොල්ල කියලා
හත් වලාමෙ වෙච්ච දෙට මක් කරන්නද කියලා මම සෙල්විගෙ කාමරේ පැත්තට දිව්වා..

එදා දැනුණු ලැජ්ජාව අදට ත් දැනෙනවා වගේ මම සීතල පොළවට තවත් තද උනා....
එදා තරුට අපේ ගෙදට එන්න තරම් හේතු කාරණාවක් තිබුනේ නැ
ඇරත් තරුව අපි දැනගෙන හිටියේත් නැ
උණුම උණු නෙස්කැෆේ එකක් හදාගෙන ආව සෙල්වි තමයි මට එදා කිව්වේ "ඒ මාත්තයා ඇවිත් තියෙන්නේ අපේ බෙබිව බදින්න කෙමති කියන්න"
"මොකක්.................????"


5 comments:

  1. එළියක් එළියක්... කොල එළියක්... :D

    ReplyDelete
  2. අපි ලිංගිකත්වය පදනම් උන සම්භාව්‍ය චිත්‍රපටයක් ගත්තොත් ඒකෙ තියෙන ලිංගිකත්වය ඉස්මතුවෙන දර්ෂන වලින් චිත්‍රපටිය ආලෝකමත් වෙනව. ඒත් ඒ මාඅතෘකාව යටතෙම එන වානිජ චිත්‍රපටයක වැල සීන් ගොඩක් මැද කතාවක් අමුනන්න උත්සාහ කරන ගතියක් පේනව.

    මේ බ්ලොග් එකෙදිත් ඒ වගේ කොලු බස් වහරෙ තියෙන වචන ගොඩක් අමුනල ඒ මැද්දෙන් පොඩි කතාවක් අටවන්න දරන උත්සාහයක් තමා මට නම් පුද්ගලිකව පෙන්න තියෙන්න.

    නිරුවතින් ඇවිදිමු බ්ලොග් එකේ කෙල්ලගෙ පාර්ට් එක ලියන කෙනා ඉන්න අන්තයට සම්පූර්න ප්‍රතිවිරුද්ධ අන්තයේ තමා මේ බ්ලොග් එක ලියන කෙනා ඉන්නේ.

    ඒත් ඇත්ත කෙල්ලක් ඉන්න ඕනෙ ඔයිට වඩා අතර මැද තැනක. එහෙම බැලුවම ලිවීමේ තාත්වික ගතිය මේ දෙන්නගෙන්ම ගිලිහිලා.

    ReplyDelete
    Replies
    1. 1. මම කැමති ඇනො එලියට ඇවිත් කතා කරන්වා නම්
      2. තමත් ඇනොට තෙරුම් ගන්න බැ ඔය ඉන්නේ රමුවක කොටුවෙලා කියන එක
      3. නිරැවතින් ඇවිද යැම කියන බ්ලොග් එක සහ මෙහි කියන ගැණු චරිතයන් දෙකක් බව ඇනෝට නොතෙරෙන්නෙ හැම මොහොතකම ඇනෝ ඉන්නේ නිරුවතත් අදුරත් අතර නිසායී, ගැහැනියක් කියන කෙනාට ඕනම චරිතයක් ඇතුලේ ජීවත් වෙන්න පුලුවන්
      එක ඇනොට ඉස්සරහට වැටහෙයී කියලා මම හිතනවා...
      මේ කතාව තුල කියාගෙන එන දෙවල් හරියට ග්‍රහනය කරගත්තා නම් ඇනොට ඔහොම ප්‍රශ්නයක් නොවෙන්න තිබුනා

      ඇනෝ තමත් ජිවත් වෙන්නේ නිරුවතයි අදුරයි එකට කරගෙන මම පෞද්ගලිකව කැමති එහෙම නැතුව නිදහස් මනසකින් කියවනවාම්

      Delete
  3. හම්මියෝ මුල කියවද්දි බය හිතෙනෝ, අග දුකයි,
    කතාව ලස්සනයි
    ජය වේවා

    ReplyDelete
  4. "තාත්තේ එන්න අපි තෙමෙමු" හලේ.. සෝයි තමා :)

    ReplyDelete

දැනෙන ඕනේම දෙයක් කියලා පලයල්ලා