Saturday, February 11, 2012

ගිණිගත්තු හිත් යාය 2

පැණි බේරෙන කිරි කෑල්ලගේ කඩෙන් බිපු තේ එකෙන් ලැබුණු ප්‍රාණවත් ගතියට වඩා ප්‍රාණවත් උනා එකිගේ මූණ උදෙන්ම දැක්ක නිසා.
අම්මපා මට වත්කමක් තිබ්බා නම් මේකී දීගයක් යනකම් මේ අහල පහලින් ගේ පොඩ්ඩක් ගන්නව කුළියට
එච්චර දෙයක් කරන්නේ කොහෙද ඊයේ රෑ තාත්තගේන් උස්සපු සල්ලි ටික විතරයී මොන කෙන් ගෙඩිය කරන්නත් අතේ තියෙන්නේ මේක ඉවර උනාම ඉතින් නැට්ට අස්සේ ගහගෙන මොකාද එකා වගේ ගේ අස්සට රිංගන්න තමයී වෙන්නේ
තවත් ටිකක් මෙතන නිකම්ම වාඩී වෙලා හිටියොත් ඉලපත් පාරක් ෂුවර් නිසා මම කෝකාටත් ෆෝන් එක අතට ගත්තා...
මල හති ඉල්ලව්වයී සිග්නල් නෑ කියපන්කෝ යකෝ හද්ද වන්නියට බැස්ස වගේනේ
"කෝල් එකක් ගන්න විදිහක් නැද්ද?"
"අපිට ෆොන් නැ"
කට ඇද කරලා කියපු කෙල්ල ටිකක් ලැජ්ජාවෙන් බැලුවා
මුන් ෆොන් නැ කියන්න ලැජ්ජ වෙන්නේ මොකටද මංදා
අපිනේ ලැජ්ජ වෙන්න ඔනේ ෆොන් තිබ්බට කොයි වෙලාවෙත් මේ මගුල් වල සල්ලි නැ......
"කොහෙට යන්නද ඉන්නේ" කෙල්ල ඉතින් ඔන්න සීන් එකට බැහැලා
"මම මේ යාලුවෙක් ගේ දිහා ආවේ
මෙහෙට ඇවිත් කොල් කලාම එයා එනවා කිව්වා එත් මේ ෆොන් එකේ සිග්නල නැනේ..
"
තනිකරම ඉල්ලන් කැමක් සෙට් කරගත්තේ මේ වෙලාවේ තමයී
අම්මා ගහනව බන් මම මුන්ගේ ගේ කොහෙද කියවත් දන්නේ නැ
"ඉන්න බලන්න එය එවපු විස්තර වගෙයක් තිබුණා  මේ ලඟ පාත් කියල නම් දන්නවා"
අපේ එකාගේ නමක් ගමක් විස්තරයක් කෙල්ල ඇහුවට මම කියන්න ගියෙත් නැ, එකීත් මං වගේම යන යන තැන බාල්දි පෙරළන එකමනේ කලේ ඒ නිසා මෙතන තනියම ඉද්දි මුගේ නම කියන්න ටිකක් බයයී
මූ මොනවගේ බල්දියක් මේ හරියේ හලලා තියෙනවද කියල උඩ ඉන්න දෙයියොවත් දන්නේ නැතුව ඇතී.
එක හුස්මට බැග් එක ඇතුලෙන් ඇදල ගත්තේ මගේ වල් පල් ලියන රාජකීය පොත් රාජයාව
ඒ ඇතුලේ අරූ එවපු ෆට්ට ෆන්කි ලියුම තියෙනවා..
අෆ්ෆේ මේක මුලක ඉදන් කියවන්නේ නැතුව හොය ගන්න වෙන්නේ නැ බන්.....

සීතලට උරහිසට කවුරුහරි ඇල්ලුවා කියලා දැණුනාම මම හිතුවෙ හරියටම හරි කියලා
කවුද දන්නේ අපේ හාල්පාරුවා මෙතනට මේ වෙලාවේ කඩන් පාත් වෙයී කියලා
"උඹ ආවද?මම මේ උඹගේ ගෙදර එන්න පාර හොයන ගමන්"
"ඇයි අපේ ගෙදරය යන පාර තියෙන්නේ උබේ පන් මල්ලේ ද?"

අරුත් ෆට්ට ගවුම් කැල්ලක් ගහගෙන බැහැලා
මේකිව මෙහෙම දැක්කාමයී
"යමන් යමන් අම්මලා උඹ එනකම් බලන් ඉන්නවා"
"ඇයී මල්ලයි නැද්ද ?"
සුපුරුදු වාක්‍ය දැම්මා මම මුව දන්න දවසේ ඉදන් මුගේ මල්ලිට පෙරුවා,ඌ සිර පොරක්. හැබැයි මට වඩා බාලයී
"නැ බන් ඌ කෙල්ලව මීට් වෙන්න කියල උදෙන්ම ගියා
උබ අද යන්නෙ නැති නිසා ඌ හවස් වෙලාම එන්නම් කිව්වා"
නොදකින් අපි බැස්සොත් කුඹුරකට එකත් පුරන් වෙනවා
"එහෙනම් අපි ගිහින් එන්නම් අක්කේ"
යළුවා කඩේ කෑල්ලට අක්කේ කිව්වා කියපන්කෝ
"එකී අක්කා පාරක්ද බං"
"ම්ම්"
"බලපන්කෝ සිරා කෑල්ල නේද? "
"යමා......න්"
යළුවා මාව බලෙන්ම වගේ කඩෙන් එළියට දා ගත්තා
මාත් ලපටි හිනාවක් දාල කෑල්ලට යන්නම් කිව්වා
දාල යන්න හිතෙන්නෙම නැ එකීව නම්
"මචං,
උඹව මම සිරා අහිංසක කෙල්ලෙක් ගානට අපේ ගෙදරට කියලා තියෙන්නේ ඒ නිසා උඹ දැන් ඉදන් ඒ ඇක්ට් එක පටන් ගනින්" 

"අනේ මේ .... ස්කොලේවත් මම කෙල්ලෙක්ගෙ පාර්ට් එකක් කරලා නැ
මට නම් බැ බැරි වැඩ කරලා කෙළවගනන්"

"හරි හරි අපි යමුකෝ වර"
පැය බාගයක් ඇතුලත තනිකර ඇඩ්වෙන්චර් ක්‍රියාදමයන් මැදින් උගේ ගෙදර ට බැස්සා


කුඹුරු යායකින් වට වෙලා තිබුණු මුගේ ගේ නම් පට්ටම ලස්සනයී වැඩි කැටයම් නැ වටේම තැඹිළි පාටට මුලු ගේ බබලන්න වී කරල් පැහිලා

මුගේ තාත්තා හැදුවයී කියපු අඹ ගස් දෙකක් ගේ පැත්තකට වෙන්න තිබුණා
වචනයෙන් පරිසමාප්තාර්තයෙන්ම ගින්දර වගේ ලස්සනයී
ගෙදර වැටක් හැටියට හදලා තිබුණු කෙසෙල් ගස් කීපයත් සීතල සුළඟට එකතු උනා...
ගේ පිටිපස්සෙන් ඉදන් ඇන්ටි කෙනෙක් ආවා හදවතින්ම  හිනාවක් එක්කම ඒ උගේ අම්මා. මාත් හිනාවෙලා පොඩි කතාවකට වැටුණා,..
"වාඩිවෙන්න දරුවෝ පුටුවක් එළියට ගෙනත් දෙන්න ද?"
"අනේ එපා ඇන්ටී මේ පිල්කන්ඩිය හොදයී මට"
මම කකුල කරේ තියගෙන ඉදගත්ත විතරයී අරු මට අතින් මොනවදෝ කියනවා
"ආ.. මට අමතක උනා මචං"
මට ඒක ඔටෝම කිය උනා
ඇන්ටී උගෙයී මගෙයී මූණ බලනවා
"ඔව් ඇන්ටි මේ ෆොන් එකට සිග්නල බලන්න අමතක උනා කිව්වේ"
ඇත්තටම කිව්වේ එක නෙවෙයි මු මට මතක් කලේ කෙල්ලෙක් වගේ හිටපන් කියලා
කාවදා කාපු ටකරන් ද?
ඔය ඔක්කොම සීන් අතර ගේ දිහා බැලුවා
මොනවා උනත් මුගෙ ගෙට ඇතුල් වෙන්නම තියෙන්නේ බෙල්ල අතේ අරන්

"දුවා ගෙදරට කියලද ආවේ අපේ දිහාවේ එනවා කියලා?"
"ආ ඔව් ඇන්ටී ගෙදරින් දන්නවා"
හැබැවටම ගෙදරින් දන්න ඉටි ගෙඩියක් නැ
ගෙදරින් දන්නේ මහ පාන්දර යලුවෙක්ගේ ගෙදර යනවා කිව්වා කියලා විතරයී.
කස්ටිය හිතන්න ඇති මම පාන්දරින්ම යන්න ඇති කියලා කවුරුවත් දන්නෙ නැ මම රැ බස් එකේ මෙහෙට ආව කියලා
ඇරත් ගෙදරින් හිතන්නේ නැ මම පැය 6ක් 7ක් මහ මඟ ගෙවාගෙන මේ අපතයා බලන්න මේ තරම් දුරක් නොකියාම එයී කියලා
කිව්වත් එන්න දෙන එකක්යැ ඇරත් කවදා ගෙදරට නිල වශයෙන් කියලා ගියපු ගමන් ද මේවා
ඇන්ටි ගෙනත් දුන්නු සීතල වතුර එකත් බීල දෙන්නම කුඹුරට බැස්සෙ හෙට ගමන ප්ලැන් කර ගන්න.............

5 comments:

  1. මල් හතයි.... ආලෝකා...
    සිරාවටම තාමත් මට කෙල්ලෙක්ද කියන එකනම් සෑකයි බන්..

    කොහොම උනත් මොකද? මල් හතයි... ඔහොම යං... මොකටද දැන් ඔය කෙල්ලෙක් එක්ක දිග කන්න හදන්නේ,

    ReplyDelete
    Replies
    1. ආයෙත් කියවලා බලපන් මචං කෙල්ලෙක් එක්ක දීග කන්න නෙවෙයී ඔතන කියන්නේ

      එල කිරි මචං මේ පැත්තට ආවට

      Delete
    2. කෙල්ලෙක් එක්ක දිග කන කතාව කලින් පොස්ට් එකේ කිවා නේද?

      මොනවා උනත් කෙල්ලෙක් නම් බලපන් බන් කුමාරයෙක් දිහා...

      Delete
  2. ආ හරේ.. මේකත් කියෙවුවා... අද ඊළඟ කොටස වැටෙයි නේද...

    ReplyDelete
    Replies
    1. එල මචං උපරිම ට්‍රයි එකක් දෙමු අද කතාව දාන්න :)

      Delete

දැනෙන ඕනේම දෙයක් කියලා පලයල්ලා